Wednesday, August 6

වෙනත් Software නැතිව Folders Hide and Lock කරමු


                                                               යාලුවනේ... අද මම ඔයාලට අලුතෙන් පොඩි වැඩ පාරක් ගෙනාවා. අපි හැමෝම ෆයිල්ස් හයිඩ් කරනවනේ සමහර වෙලාවට.
හයිඩ් කරේ නැතත් පාස්වර්ඩ් දාල ප්‍රොටෙක්ට් කරනවා.
ඒත් ඒ වැඩේට අපි ගොඩක් අය කරන්නේ මොකක් හරි folder hidden software එකක් යූස් කරන එක.
ඔය වගේ වැඩ වලට අනම් මනම් software වලින් අපේ computer එක පිරෙව්වාම අපෙ machine එක slow වෙන එකනෙ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ.

අද මන් ඔයාලට ඒ ප්‍රශ්නෙට සාර්තක උත්තරයක් ගෙනාවා.
වෙන කිසිම 3rd party software එකක් නැතුව ඔයාලගේ files protect කරගන්න හැටි මම අද ඔයාලට කියලා දෙනවා.


Step :1


ඔයාලගේ ෆෝල්ඩරය store කරන්න අපිට වෙනම ෆෝල්ඩර් එකක් ඕන කරනවා.
ඒකට ඔයාලා කැමති තැනකින් ෆෝල්ඩර් එකක් හදාගන්න.
ඊට පස්සේ ඔයාලා දැන් හදාගත්ත් ෆෝල්ඩර් එක ඇතුලට ගිහිල්ලා අලුත් text document එකක් හදාගන්න.
ඒ කියන්නේ notepad එක open කරලා document එකක් save කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ codes ටික ඒ document එකට copy කරලා save කරන්න.


cls 
@ECHO OFF 
title Folder Private 
if EXIST "HTG Locker" goto UNLOCK 
if NOT EXIST Private goto MDLOCKER 
:CONFIRM 
echo Are you sure you want to lock the folder(Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Private "HTG Locker" 
attrib +h +s "HTG Locker" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to unlock folder 
set/p "pass=>" 
if NOT %pass%== ROOTRICKS goto FAIL 
attrib -h -s "HTG Locker" 
ren "HTG Locker" Private 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDLOCKER 
md Private 
echo Private created successfully 
goto End 
:End


Step 2:

මේ codes ටිකේ ROOTRICKS කියලා තියෙන තැනට ඔයාගේ password එක දාගන්න.


Step 3:

දැන් ඔයා හදාගත්ත bat ෆයිල් එක run කරන්න. එත්කොට ඔයාට එතන අලුතෙන් Private කියලා folder එකක් හැදෙනවා දකින්න පුලුවන්.

Step 4:

ඒ අලුතෙන් හැදුන Private කියන folder එකට ඔයාගේ hide කරන්න ඕන files & folders ඔක්කොම ටික copy කරගන්න.


Step 5:

දැන් ආපහු අපේ batch programme එක runකරන්න. එතකොට ඔයාගෙන්

Are you sure you want to lock the folder <Y/N>  කියලා අහයි.
ඔයා answer එක විදිහට Y අකුර type කරොත් ඔයාට පෙනේවි අර Private කියන
Folder එක නැතිවෙල එහෙමත් නැත්තම් හැන්ගිලා කියලා.


Step 6:

ඔන්න දැන් අපි අපේ ටික හන්ගලා ඉවරායි. දැන් ඔයා අපේ bat ෆයිල් එක වෙන තැනකට move කරලා තියාගන්න.
ආපහු අර Private Folder එක open කරන්න ඕන උනාම අපි ඒ folder එක හන්ගපු folder එක ඇතුලට ආපහු
එක copy කරලා ආයි run කරන්න, password එක ඔයා දීපු password එක ඒ විදිහටම type කරන්න.

එතකොට ඔයාගේ හැන්ගුන Private folderඑක ආපහු පේන්න ගනීවි.


මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න.. නැතත් මේක ගැන ඔයාලාගේ අදහස් කියලා comment එකක් දාන්න.. 


නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු ! ! !


1 comment:

  1. Meka patta. Thankz.. Bt private kiyn folder ekt dala hide krpu files kisim hethuwkin damage wennewt delete wenne wt na ned?

    ReplyDelete