Tuesday, May 2

Paid Apps නොමිලේම බාගන්න ( Get Paid Apps Free )

                          

  
 අද ඉඳන් මං වෙලාව තියෙන වෙලාවට පුලුවන් විදියට මං ගාව තියෙන Paid Apps සහ හොයාගන්න අමාරු Apps වල APK දානවා ඔයාලට  Direct Download කරගන්න. ගොඩක් අය Onhax වගේ sites වල Ads මගහරින්න දන්නෙ නැති නිසයි, APK හොයන්න ගිහින් වෙන වෙන Apps Install කරගෙන Phone Slow කරගන්න නිසයි තමයි මං මෙහෙම දාන්නෙ. මෙතන තියෙන ගොඩක් Apps මම Pay කරලා Play Store එකෙන් ගත්ත Apps. අනිත් ඒවත් විශ්වාසවන්ත Sites වලින් ගත්ත, මං Use කරලා තියෙන Apps. ඒ නිසා ගැන ඔයාලට Virus, Spam ගැන බය වෙන්න දෙයක් නෑ. මේ පෝස්ට් එක දවස ගානෙ Upadte වෙනවා. මුලින්ම පොඩියට පටන් ගන්නෙ


Tuesday, January 3

වැඩි ගාණක් දීලා බාල බඩුවක් ගන්නවද? OPPO Phones වල ඇත්ත නැත්ත


මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් වල රැල්ලට වගේ කට්ටිය OPPO ෆෝන්ස් ගන්න නිසා. OPPO රැල්ල ආව මුල් දවස් වලම තමයි මාත් හරිහමන් ස්මාට් ෆෝන් එකකට බහින්න සල්ලි එකතු කරේ.ගානක් එකතු කරගෙන ෆෝන් එකක් බලන්න කඩවල් දෙක තුනකට ගියාම හොඳටම දැක්ක දෙයක් තමයි කවුරු හරි ෆෝන් එකක් බලන්න ආවම කඩේ එකා මුලින්ම බලන්නෙ OPPO ෆෝන් එකක් ඇගේ ගහන්න. කැම් එකේ කොලිටිය ගැන ලෝකෙ නැති වචන දලා බොරු ගොඩක් කියලා දන්නෙ නැති මිනිස්සුන්ට විකුණනවා. ඉතින් මං මේ ගැන පෝස්ට් එකක් ටයිප් කරන්න කම්මැලිකමේ ඉන්නකොට තමයි Facebook එකේ Senal Evans සහෝදරයගෙ මේ වටින කියන පෝස්ට් එක දැක්කෙ . ඒක කියෙව්වම ඔයාලට තේරෙයි මේ OPPO කියන Brand එකේ ෆෝන්ස් ගන්න සල්ලි වලින් ඊට වඩා ගොඩක් හොඳ Phone එකක් ගන්න පුලුවන් කියල වෙනත් Brand එකකින්

-------------------- ඇයි OPPO ---------------------

                       ඔව්. මීට කලින් අපේ ගෘප් එකේ ගොඩක් අය කතා උනා , මමත් කතා කරා , මේක පටන් ගන්න මුල් ගලත් තිබ්බ කෙනා හැටියට මටත් මේ ටික කියන්න ඕන හැමෝටම..
කෙලින්ම කතාව පටන්ගමුකො..
ඔප්පෝ කියන්නෙත් Huawei , Xiaomi , Meizu , OnePlus වගේ ලෝකෙම දන්න චයිනීස් බ්‍රෑන්ඩ් එකක්..
ඒත් අරවට මොකුත් නොකියා , ඒවා රෙකමන්ඩ් කරලා ඇයි ඔප්පෝ වලටම..? 
ඒකට උත්තරේ.. හරි අපි ඔතන තියෙන බ්‍රෑන්ඩ් වලින් අපි ගමුකෝ Huawei , Xiaomi දෙක මේ දෙකේ දැනට මෙන්න මේ devices ගන්න. අපි බලමු මේවාගෙ දැනට යන Prices.
  •         Huawei P9 - LKR 53500
  •         Huawei P9 Lite - LKR 31200
  •         Honor GR5 2017 - LKR 30500
  •         Honor GR5 mini - LKR 22150
  •         Xiaomi Mi 5 - LKR 45900
  •         Xiaomi Mi 4C - LKR 24950
  •         Xiamoi Redmi 3 Pro - LKR 26700
  •         Xiaomi Redmi 3S - LKR 22900
  •         Oppo R7 Plus - LKR 67500
  •         Oppo F1 Plus - LKR 60300
  •         Oppo F1S - LKR 35750
  •         Oppo Neo 7 - LKR 17800

ඉහත සඳහන් කරපු මිල ගනන් ලංකාවේ All in one price list web පිටුව වන http://www.ideabeam.com හී 2016 December මස update එකෙනි.
+හරි දැං අපි වැඩේට බහිමු.
මුලින්ම කියන්න ඕන ඔය සමහර අය වැඩිය ලොකුවට බලන්නේ නැති , එච්චර ගනන් ගන්නේ නැති දෙයක් තමා මේ Chipset එක ඕක තමා මෙතනදි මගේ Main point එක වෙලා තියෙන්නේ අනික Flagship device එකක් කියන දේ හා Midrange , Super Midrange , Low end devices..
Comparision -
අරගෙන බලන්න මේ OPPO R7 Plus කියන දුරකතනය ඒක ලංකාවේ මුදලින් රුපියල් 67.500 වෙනවා ඒත් ඒකේ Chipset එක Qualcomm MSM8939 Snapdragon 615 ඒ කියන්නේ Qualcomm සමාගමේ 600 series එක වෙන Midrange chip එකක් , එතකොට මේකේ රැම් එක 3GB.
අපි කවුරුත් ආසයි එච්චර් ගානක් වියදම් කරනවනම් ලෝකේ තියෙන හොඳම ස්මාට්ෆෝන් කැමරා අතරට ගියපු හොඳ සුපිරි device එකක් ගන්න. ඒත් මේක එහෙම ද.?
     මේක මේ ගානට දීලා ඒත් මේකට හැරෙන්නවත් බැරි අනිත් සුපිරි දුරකතන මොනවද මේ ගානට ගන්න පුළුවන්..?
Huawei P9 , Xiaomi Mi5 මේ දෙක ම මේකට වඩා ගොඩක් අඩුයි වගේම ගොඩක් හොඳයි මොකද මේවා ඒවා Flagship Devices.
ඒවගේම මෙච්චර ලොකු ගානක් වියදම් කරන එකේ මීට වඩා ගොඩක් පැති වලින් හොඳ Branded phones මොනවද.?
HTC One A9    :- LKR 45.000
Sony Xperi M5 :- LKR 43.000
Sony Xperi XA :- LKR 35.000
මේ වගේ වෙද්දී මේවා ගන්න පුළුවන්..
මම හැම ෆෝන් එකම කම්පෙයා කරන්න යන්නේ නෑ මෙතන. නිකමෙට ideabeam එකෙන් හෝ ඔබ දන්න ඕනෑම ස්මාර්ට්ෆෝන් ශොප් එකකින් Price බලලා ඒ Range එකේ යන වෙන Chinese Device හෝ ලොකු Flagship එකක් නම් Branded එකකින් අරන් Compare කරලා බලන්න.
මේ කියන්නේ මොකද්ද කියලා හොඳටම තේරෙයි.
OPPO ලා හැම වෙලේම භාවිතා කරන්නේ ඉතාමත් අඩු තත්ත්වේ MediaTek chipset එකක් හෝ Qualcom වල Midrange chipset එකක්.
දැං තේරෙනවනේ OPPO කියන Brand එකට මෙච්චර එක එක එවා කියන්න හේතුව..
අනික.
ඇයි OPPO ඔච්චර ගනන්. Apple , Samsung , Google , Sony වගේ branded වෙලත් නැති Chinese කෑල්ලක් මෙච්චර ගනන් උස්සන්නේ..?
එයාලා එයාලගේ Marketing වලට ගොඩක් වියදම් කරනවා , ඒ වගේම ඒවා විකුනන OPPO Resellers ලට ලොකු කොමිස් එකක් වගේම ඒ Shop වල ලයිට්බිලෙන් පවා යම් ගානක් ගෙවනවා වගේ ගොඩක් දේවල් තියෙනවා.
අනික OPPO කියන්නේ තාම Market එකේ පටන් ගැන්මේ තියෙන Company එකක් නිසා ලංකාවෙ නම් ලොකුවට Qualifications බලන්නේ නැතුව පවා Technical , Non Technical අයට Job දෙනවා ඉතිං මහත්තුරු වගේ වැඩකරන්න පුළුවන් නිසා අපේ අයත් යනවා ගිහින් එයාලගේ ලොක්කෝ තියන Conference වල කියන පච අහන් ඉඳලා ඒවගේ marketing tricks අහලා බොරුවට මිනිස්සු අන්ඳන්න හැමදේම කරනවා. කවදාවත් මේ අපි මාකට් කරන්නේ සාදාරන දෙයක් ද යම් තාක් දුරටවත් සාදාරන දෙයක්ද කියලා බලන්නේ නෑ..
අපේ මිනිස්සුත් ඉතිං ලස්සනට තියෙන නිසා , බෝඩ් ගහල තියෙන නිසා , TV එකේ යන නිසා , Selfie ගැසීම කලාවකට ගිය නිසා Selfie Expert යන නාමයද අලෝගෙන තියෙන නිසා හිතන්නේ මේක තමා Selfie වලටත් best කියලා , අතට දැනෙන්න metal feel එක එන්න පෙනුමෙන් durability එක හොඳයි වගෙ පේන්න ඒත් පපඩම් වගේ තහඩු කෑලි දාලා හදල තියෙන නිසා , අර Job අරන් උන් කියපු දේවල් එහෙම් පිටින්ම Repeat කරන අය කියන දේවල් අහලා , කොමිස් කාරයෝ කියන දේවල් අහලා මේවා ගන්නවා.. ඒත් නිකමෙටවත් බලන්නේ නෑ තමංගේ සල්ලි වියදම් කරන්නේ මොන වගේ දේකටද , මේක ගැන හොයලා බලලා සල්ලි වියදම් කරන්න ඕනද , නැද්ද කියන එක. (මේක මේ කේස් එකට නෙවෙයි කෝකටත් අපේ අය එහෙමයි , ඉතාම සුළු පිරිසයි ඉන්නේ හොයලා බලලා දෙයක් කරන)
++++ :- අවසානයට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
කඩේ අයියා කිව්ව පලියටවත් , ප්‍රොමෝටස් ල කිව්ව නිසාවත් (විශේෂයෙන්ම OPPO හෝ Samsung හෝ මොනම Brand එකක් වේවා ඒවගේ T shirt ගහගෙන ඉන්න අයගෙන් අහලා කවදාවත් ෆෝන් කම්පෙයා කරන්න එපා , මොකද උං බලන්නේ ඒ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න මිසක් හොඳ දෙයක් දෙන්න නෙවෙයි , ඔයා කලින්ම බලලා ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ෆෝන් එකක් ගන්නවනම් ඒ අයගෙන් අහලා ඒ ෆෝන් එකම ගන්න ඒක ගැටළුවක් නෑ)
එහෙනම් OPPO වාදේ මෙතනින් ඉවරයි , කියන්න ඕන දේ කෙලින්ම කිව්වා , ගන්න අය ගනියි මොලේ ඇත්තෝ හිතල බලයි , ආය අපේ ගෘප් එකේ OPPO අය වෙනුවෙන් පෝස්ට් දදා ආතල් පෝස්ට් දාන්න කලින් ටිකක් හිතන්න මේ පෝස්ට් එක බලන්න.
OPPO වලට කියන්න තියෙන්නේ මෙච්චරයි " උඩින් ඔපේ යටින් හපේ " කියල තමා ඉතිං..
එහෙනම් 2017 වසර ආරම්බයේදිම Android වැඩකාරයෝ අපේ වගකීමක් ඉටු කලා අපි, මොකද අපේ රාජකාරිය තමයි ඔයාලව දැනුවත් කරන එක මේවා සම්භන්දව.
එහෙනම්..,
හැමෝටම 2017 සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!
Android වැඩකාරයෝ Admin Crew ~~

අවසානයට තවත් දෙයක් එකතු කරන්නම්. මේ දවස් වල Facebook එකේ OPPO Agentsලා ඕන තරම්. එයාලා කරන්නෙ රටේ නැති බොරු පෝස්ට් Share කරලා කස්ටමර්ස්ලව අල්ලගන්න එක.
  • ලෝකෙ Fastest FingerPrint Scanner එක තියෙන්නෙ OPPO ෆෝන්ස් වල (එතකොට iPhone 6S,Nexus 6P, Huawei P9. Xperia X වගේ ෆෝන්ස් වල FingerPrint Sensor වලට මොනවද කියන්නෙ )
  • OPPO Camera වල Quality එකට ගහන්න වෙන ෆෝන් එකක් නෑ මල්ලි (ඒ උනාට DxoMark එක පැත්තෙ ගියොත් හොඳ නරක බලන්න තියා OPPO ෆෝන් එකක් සයිට් එකේ හොයාගන්නවත් නෑ කියලා පෙනෙයි. ඕන නම් ෆෝන් එක ගන්න කඩේට යනකොට යාලුවෙක්ගෙන් i6,i7,s6,s7,p9 වගේ එකක් අරන් ගිහින් කඩේ අයියට පෙන්නන්න )


                           ඔයාට කඩයක් තියෙනවා කියලා හිතන්නකො.ඔයාට එක තැනකින් ලුණු පැකට් එකක් හම්බෙන්නෙ රුපියල් 15කට. අනිත් තැනින් හම්බෙන්නෙ 20ට. ඒ උනාට දෙකේම විකිණුම් මිල රුපියල් 30 නම් ඔයා බලන්නෙ කොහොමහරි 15ට ගන්න එක විකුණන්න නේද.මේකත් ඒ වගේම තමයි.නැතුව කවදාවත් දැකලා නැති ඔයා ගැන කඩේ අයියට හදිසි ආදරයක් පහල වෙන්නෙ නෑනෙ එක පාරටම. අනික් අතට ලංකාවෙ ගොඩක් අය කැමති නෑනෙ තමන්ට වැරදුනාම ඒක පිලිගන්න. ඉතින් ඒක තමයි ගොඩක්  OPPO Usersලා ඒක හොඳයි කියලා තව කෙනෙක් ගන්නකන් කට වහගෙන බලන් ඉන්නෙ.
අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ කඩේ අයියගෙ කරන්ට් බිල ගෙවන්නවත්, සෙලර්ස්ලව පෝසත් කරන්නවත් නෙමෙයි තමන්ට ප්‍රයෝජනයක් වෙන විදියට ෆෝන් එකක් තෝරගන්න. ගන්න යන්න කලින්ම ගැලපෙන ෆෝන්ස් කිහිපයක් තීරණය කරලා හොයලා බලලා කඩේට යන්න. තවත් කෙනෙක් වැඩි ගානක් දිලා පපඩම් ෆෝන් එකක් ගන්න එකෙන් වලක්වන්න පුලුවන් තරම් උත්සහ කරන්න.මොකද මම දන්නවා අපි කොච්චර අමාරුවෙන්ද සල්ලි එකතු කරන්නෙ කියලා හොඳ ෆෝන් එකක් ගන්න.අනික රිතික් රෝශන් OPPO Phone එකකින් සෙල්ෆි ගහනව තමයි. ඒත් ඔයා OPPO Phone එකක් ගත්තට ඔයාට රිතික් වෙන්න බෑ කියන එකත් මතක තියාගන්න.
                          පෝස්ට් එක නම් ඉවරයි. මං නැවතත් ස්තූති කරනවා සෙනාල්ට (ලිපිය උපුටා ගන්න දුන්නට ) සහ ගෙවිඳුට (පෝස්ට් එක ලියන්න උදව් කරාට )

Tuesday, November 29

ගෙදරදීම දුම් බෝම්බයක් හදාගමු (Homemade Coloured Smoke Bomb)

      
                        පරණ අකවුන්ට් එකට කෙල උන නිසා බ්ලොග් එක ලියන එක ටිකක් මගහැරුනා. ඒත් ආපහු ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව. තාමත් අපේ බ්ලොග් එක කියවන එක්කෙනෙක් හරි ඇති කියලා හිතාගෙන තමයි අද පෝස්ට් එක ලියන්නෙ. අද හැබැයි ටිකක් වෙනස් දෙයක් කියලා දෙන්න යන්නෙ. මේවා කියලා දීල මට හිරේ යන්න වෙයිද දන්නෙත් නෑ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක.
                                 පටන් ගන්නකොටම කියනවා මේ වැඩේ ටිකක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ආ ටිකක් නෙමෙයි ගොඩක්. ඔයාට මුලින්ම මේ දේවල් ටික හොයාගන්න වෙනවා මේ වැඩේට.


  1. පොටෑසියම් නයිට්‍රේට් (Potassium Nitrate)
  2. සීනි (Sugar)
  3. බේකින් සෝඩා (Baking Soda)
  4. කැමති පාටකින් ඩයි (Powdered Dye)
  5. පොඩි ටින් එකක් (Tin)
  6. වෙඩි නුල් කැබැල්ලක් (Visco Fuse)
  7. ගම් ටේප් (Gum Tape)
  8. මොලය - මේක නම් ලාවට තිබ්බම ඇති(Brain)
මේ ටික හොයාගත්තා නම් ඊළඟට අපි බලමු අපේ බෝම්බෙ හදාගන්නෙ කොහොමද කියලා


  • මුලින්ම Potassium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න(පොටෑසියම් කොටස් 3කට සීනි කොටස් 2ක්). රත් වීගෙන එනකොට මේක හැඳිගාන්න. අපේ මික්සර් එක ටිකක් ඇලෙන දියාරු ගතියට එනකන් මේක කරන්න ඕන. මෙතනදි වැඩිය රත් වෙන්න දෙන්නෙ නැතුව තියාගන්න. මොකද මේ කෙමිකල් එක ගිනි ගන්න ඉඩ තියෙනවා

  • දැන් Baking Soda හැඳි දෙකක් විතර ටික කවලම් කරන්න(අපි බේකින් සෝඩා දාන්නෙ අපිට වැඩි වෙලාවක් අපේ බෝම්බෙ පත්තු කරලා තියාගන්න). හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් ආපහු හැදි ගාන්න.

  • ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ මේ මිශ්‍රණය අපි අර ගෙනාව ටින් එකට පුරවන්න. ටින් එකේ කට ලගට එනකම් පුරවල, ඉරටුවක් වගේ දෙයකින් අපේ වෙඩි නූල මිශ්‍රණය මැදට ඇතුල් කරන්න (මුලු නූලම ඇතුලට දාන්න එපා.අපිට පත්තු කරන්න එක කොනක් ඉතුරු කරගන්න). දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.

  • පැයක් විතර ගියාම අපේ දුම් බෝම්බෙ හොඳට ගල් වෙලා තියෙයි. අන්තිමට කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩි නූල විතරක් උඩට හිටින්න අනික හැම තැනම Gum Tape එකෙන් ඔතා ගන්න.

ඔන්න හරි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ වෙඩි නූලට ගිනි තියලා ශේප් එකේ එහා ගෙදර ගහක් යටට දාලා බබා වගේ ඉන්න තමයි. ඔන්න ආයිමත් කියනවා මේක ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඒ හින්දා මං අන්තිමට කිව්ව එක (මොලේ) තියෙනව නම් විතරක් වැඩේට බහින්න. කියෙව්වට වැඩේ තේරෙන්නෙ නෑ වගේ නම් මං පහලින් දාලා තියෙන YouTube වීඩියෝ එක බලලා වඩාත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙයි.හැබැයි වීඩියෝ එකේ මෙතඩ් එක ටිකක් වෙනස් නිසා අදහසක් ගන්න විතරක් වීඩියෝ එක බලන්න.




මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනව නම් Comment එකක් දාන්න.
ගැටලුවක් නැතත් කමක් නෑ මේ ගැන ඔයාලගෙ අදහස් Comment එකක් විදියට දාගෙන යන්න...

Wednesday, July 20

ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma app for Android)


                                        ඔන්න කාලෙකට පස්සෙ අලුතින් පෝස්ට් එකක් දාන්න කියලා බැලුවෙ.මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා නම් අහන්න එපා.ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. හරි අපි යමු ලිපියට. මේ දවස් වල කට්ටිය හිටු කියලා සෝශල් මීඩියා වල ෆොටෝ දානවනෙ කාටුන් රූප වගේ.ඇපල් ෆෝන් වලට එන ප්‍රිස්ම/ප්‍රිස්මා (Prisma) කියන ඇප් එකෙන් තමයි ඉතින් ඕක කරන්නෙ. දැකලා නැත්තන් බලන්න පහල තියෙන්නෙ ඒවා තමයි.




                            හැමෝම වගේ නහයෙන් අඬ අඬ හිටියා මේක ඇන්ඩ්‍රොයිඩ් වලට නෑ කියලා.ඉතින් අපේ ඇඬියාවට සවන් දුන්න ප්‍රිස්මා ඩිවලොපර් දෙවියෝ නිවේදනය කරා මේ මාසෙ අන්තිම වෙනකොට දුප්පත් අපිටත් Prisma දෙනවා කියලා.

Friday, March 13

Whatsapp Mesenger එකෙන් Voice Calls ගන්නෙ කොහොමද ( Voice Calls via Whatsapp )


                             හායි, කොහොමද යාලුවනේ... ඔන්න කාලෙකට පස්සෙ Post එකක් ලියනවා..කාලෙකින් ලියන එකේ ටිකක් වැදගත් දෙයක් දෙන්නත් එපැයි. ඉතින් අද මං කියලා දෙනවා අපි හැමෝම Use කරන Whatsapp Messenger එකෙන් Voice Calls ගන්න විදිහ. Whatsapp කියන්නෙ Free Instant Messenger එකක්නෙ. ඒත් මේකෙනුත් Viber වගේ Voice Calls ගන්න පුලුවන්( Text + Calling ). ඉතින් ඒ Voice Calling Feature එක Active කරන හැටි තමයි අද මම ඔයාලට කියන්නෙ. මුලින්ම කියන්න ඕන මට මේ වැඩේ කියලා දුන්නෙ Facebook එකෙ ඉසුරු අයියා.එයාට තමයි මේ පෝස්ට් එකේ සම්පූර්ණ  ගෞරවය යන්න ඕන.

අවශය දේවල්:-

Whatsapp 2.11.560 Version apk file එක - Download Here
Whatsapp 2.11.561 Version apk file එක - Download Here


මුලින්ම Unknown Sources On කරලා Whatsapp 2.11.560 Version එක Install කරගන්න. ඊළගට 
Settings >> Applications >> Whatsapp >> Force Close 
ගිහින් Whatsapp Messenger එක Force Cloce කරන්න. දැන් ඔයා Download කරගත්ත අලුත්ම Whatsapp 2.11.561 Version එක Install කරගන්න. ඊළගට Whatsapp Open කරලා Whatsapp Calling දැනටමත් Activate කරලා තියෙන කෙනෙක්ට කියන්න ඔයාගේ Whatsapp Number එකට Whatsapp Call එකක් ගන්න කියලා.ඊට පස්සෙ ඉදන් ඔයාගෙත් Whatsapp Calling වැඩ. ඔයා අදුරන කාටවත් Whatsapp Calling නැත්තන් මේ Numbers වලට කියන්න ඔයාට Call කරන්න කියලා.අනිවා Call කරයි.

* +918669917889 - Harish 
( මෙයා Indian. ඒ නිසා English වලින් Message කරන්න - Hey Harish,Can you call me via Whatsapp.I want to activate Whatsapp Calling )

* +94755611716 - Rasanjana




මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

Sunday, January 25

Windows 10 සමගින් අලුත්ම හොලෝග්‍රැෆික් 3D තාක්ෂණයක් (Windows 10 with newest Holographic Technology)



යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ අලුත්ම operating system එක වන Windows 10 ගැන අලුත්ම තොරතුරක්. මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා Windows 10 එක්ක හොලොග්‍රැෆික් ආකාරයේ 3D දර්ශන ඉතාමත් හොඳින් දැක බලා ගන්න පුලුවන් "හොලෝඩෙක්" මාදිලියේ හිසේ පළඳින්න පුලුවන් උපකරණයක් නිකුත් කරන්න.




මේ උපකරනය Wireless හෙවත් රැහැන් රහිත වර්ගයේ එක
ක්. මේක පැළඳගත්තම හරියට අපේ ඉස්සරහා 3D Screen එකක් මැවෙනවා වගේ. මේ උපකරණයේ නම හොලෝලෙන්ස්. Microsoft සමාගමේ විධායක අධ්‍යක්ෂක කෙනෙක් වන සත්‍ය නඩෙල්ල කියලා තියෙන්නේ මේක නිකම් මායවක් හැබැහින් දකිනවා වගේ කියලා වැඩක්. ඒ වගේම වින්ඩෝස් 10 සමඟ මේ තාක්ෂණය භාවිතා කිරීම හරි අපූරු අත්දැකීමකුත් වෙනවලු. (අපිනම් දන්නේ නෑ. එයා තමයි කියන්නේ ඕං). මොනා වුණත් තාම මේකේ ගණන් හිලව් ගැනනම් කියලා නෑ. ගාණ ඇහුවම හොලෝග්‍රැෆික් එලෝග්‍රැෆික් වෙයිද දන්නෙත් නෑ. මේකේ තාක්ෂණය ගැන කිව්වොත් මෙය පළදින්නාගේ හිස සහ එම හොලෝග්‍රෑම් දර්ශනය එකම වෙලාවේදී එහා මෙහාවීම් හඳුනාගැනීමට අදාළ වන sensors කිහිපයක් භාවිතා කෙරෙනවා. ඒ අනුව මෙය පැළඳ සිටින්නාගේ ඇස් වෙතට හොලෝග්‍රැෆික් ත්‍රිමාන පින්තූරයක් ලැබීම සිදුවෙනවා. එමගින් ඔහුගේ හෝ ඇයගේ මොළය විසින් ඒවා සත්‍ය දර්ශන බවට වරදවා වටහා ගන්නවා. ඊට අමතරව මෙම හොලෝලෙන්ස් උපකරණය තුළ ඇති කැමරා හා කැමරා හඳුනාගැනීමේ පද්ධතිය හරහා භවිතා කරන්නාට දර්ශනය සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයේ යෙදීමට අවශ්‍ය හැකියාවත් ලබාදෙනවා.

මේකේ සුභ ආරංචිය තමයි මීට කලින් ආපු Windows 7, 8, 8.1 මෙහෙයුම් පද්ධති හෝ වින්ඩෝස් දුරකථන භාවිතා කරන අයට මේකේ මෘදුකාංගය නොමිලේම දෙනවලු. ඒත් අවුල තියෙන්නේ ඒක සීමිත කාලයකට විතරයි. ඒ වගේම මීට කලින් Windows default web browser එක වුණ Internet Explorer වෙනුවට Spartan Web Browser එක
 යොදන්නත් සමාගම තීරණය කරලා තියෙනවා.

මේ වගේ අලුත් තොරතුරු දැනගත්ත වහාම අපි ඔයාලට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ගැන ඔයාලගේ අදහස් අපිට comment කරන්න.ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. මේ ගැන අනිත් යාලුවොන්ටත් දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා

නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !


Saturday, January 24

අපේ Realtek Sound Drivers Modify කරමු (Customized Realtek Audio)




                          යාලුවනේ... අද මම ඔයාලට අරන් ආවේ ගොඩාක් වටින පෝස්ට් එකක්. අපි computer එකක් ගන්නේ ඉතින් ගේම් ගහන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න වගේ දේවලුත් කරන්නනේ. ඉතින් ඒ වගේ දේවල් කරනකොට sound system එක quality නැත්තම් වැඩක් නෑ. ඒ නිසා තමා මම අද ඔයාලට Customized කරපු Realtek Audio Drivers ගැන කියන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ කලින් තිබුණ Audio Drivers වල Properties box එක. ඔයාලට පේනවානේ මේකේ තියෙන්නේ General, Levels, Advanced කියන tabs 3 විතරයි.



 ඒත් මේ තියෙන්නේ මගේ දැන් තියෙන Sound drivers වල properties tab එක. පේනවානේ... කොහොමද ඒක?? වැඩකෑලි ගොඩයි.


ඔයාලත් කැමතියි නේද මේ වගේ තියෙනවානම්. හරි. මං අද කියලා දෙන්නේ කොහොමද මේ වගේ Drivers ඔයාලත් ඇඩ් කරගන්නේ කියලා. මුලින්ම මේ link එකේ තියෙන ෆයිල් 2 download කරගන්න.


මුලින්ම කෝකටත් කියලා system restore point එකක් හදාගන්න. දැන් මේ ටික command prompt එකේ ටයිප් කරන්න. මුලින්ම කෝකටත් කියලා system restore point එකක් හදාගන්න. දැන් මේ ටික command prompt එකේ admin විදිහට run කරලා ටයිප් කරන්න.

bcdedit -set loadoptions disable_integrity_checks


දැන් ඔයාලට operation completed successfully කියලා ලැබෙයි. ඊට පස්සේ මේ ටික ටයිප් කරන්න. ඒ computer එකේ test mode on කරන්න.

bcdedit -set testsigninging on


දැන් computer එක restart කරන්න. දැන් ඔයාගේ desktop එකේ දකුණු අත පැත්තේ යට කොනේ watermark එකක් තියෙන්න ඕනේ මේ වගේ.



දැන් ඔයාල download කරගත්ත R 2.73 RTM FIXED INSTALL කියන rar file එක extract කරගන්න. ඊට පස්සේ ඒකේ setup file එක run කරන්න. මැදදි මේ වගේ warning එකක් එයි. ඒකට බය වෙන්න එපා. digitally signed කරලා නැති drivers install කරනකොට තමා ඒ message එක එන්නේ. ඒක install this driver anyway කරන්න.



install කරලා ඉවර වුනාම computer එක restart කරන්න. දැන් ඔයාගේ taskbar එකේ sound icon එක right click කරලා Playback devices click කරන්න.


බලන්න. ඔයාටත් අර උඩ තියෙන image කේ වගේ custom sound mods ලැබිලා.



 ඔයාට Creative X-FI mode එකත් ඕනේ නම් ඔයා download කරගත්ත අනිත් zip file එකත් extract කරගන්න.ඊට පස්සේ ඔයාගේ Anti Virus එක disable කරන්න. මොකද ඒකේ Activator එක crack එකක් නිසා සමහරවිට run කරන්න දෙන්නේ නැති නිසා.
දැන් extract කරපු folder එක ඇතුලේ තියෙන DTSPatcher එකත් extract කරගන්න. දැන් Setup එක run කරන්න.


ඒකේ full installation button එක click කරන්න. ඒක install වුණාට පස්සේ I will restart my compter later කියන option එක දෙන්න. දැන් ඔයා ඉස්සෙල්ල extract කරගත්තු DTSPatcher කියන folder එකට ගිහින් RUN.BAT කියන file එක Admin විදිහට run කරන්න. දැන් සේරම හරි. ඔයාගේ computer එක තව එකම එක පාරක් restart කරන්න. දැන් මං ඔයාට ලැබිලා තියෙන Audio Enhancement ගැන ටිකක් පෙන්වන්නම්.



දැන් ඔයාගේ notification area එකේ තියෙන Sound Blaster Panel icon එක click කරන්න. දැන් ඔයාට මේ programmes දෙකත් අම්තරව ලැබිලා තියෙනවා.

Creative Console Launcher


Creative Audio Panel




















දැන් අවසාන දේ. ආයිත් admin විදිහට Command Prompt එකේ run කරලා මේ code 2 ඉස්සෙල්ලා වගේ දෙපාරකට දෙන්න.

bcdedit -set loadoptions enable_integrity_checks

bcdedit -set testsigning on



දැන් ඉතින් ඔයාගේ අති සුපැහදිලි සංගීත අත්දැකීමට මුහුණ දෙන්න.
 මේ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවනම් බය නැතුව comment එකක් දාලා අහන්න. ඒ නැතත් ඔයාලගේ අදහස් උදහස් අපිට වටිනවා. ඒ ගැන comment එකක් දාන්න අමතක කරන්න එපා. 


එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )




                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

                  * මචං මගේ FB account එක Hack උනා,
                                                                           නැත්තන්,
                  * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
          
           කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.

Monday, December 15

Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු



                                                                    අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක්  බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්‍රමයක්නෙ.
අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්. 

ඔයාගේ Blog එකටත් නත්තල් සැරසිල්ලක් -Animated Snow Falling Widget


                                                     අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත් හිම ටිකක් වැටුනම මොකද වෙන්නෙ. අනික Blog එක ලස්සන වෙන තරමට Blog එකට එන Visitorsලත් වැඩි වෙනවනේ.

Thursday, December 4

Windows පරිගණකයක තිබිය යුතුම Softwares 10ක්



                           අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ.