Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Sunday, January 25

Windows 10 සමගින් අලුත්ම හොලෝග්‍රැෆික් 3D තාක්ෂණයක් (Windows 10 with newest Holographic Technology)



යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ අලුත්ම operating system එක වන Windows 10 ගැන අලුත්ම තොරතුරක්. මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා Windows 10 එක්ක හොලොග්‍රැෆික් ආකාරයේ 3D දර්ශන ඉතාමත් හොඳින් දැක බලා ගන්න පුලුවන් "හොලෝඩෙක්" මාදිලියේ හිසේ පළඳින්න පුලුවන් උපකරණයක් නිකුත් කරන්න.




මේ උපකරනය Wireless හෙවත් රැහැන් රහිත වර්ගයේ එක
ක්. මේක පැළඳගත්තම හරියට අපේ ඉස්සරහා 3D Screen එකක් මැවෙනවා වගේ. මේ උපකරණයේ නම හොලෝලෙන්ස්. Microsoft සමාගමේ විධායක අධ්‍යක්ෂක කෙනෙක් වන සත්‍ය නඩෙල්ල කියලා තියෙන්නේ මේක නිකම් මායවක් හැබැහින් දකිනවා වගේ කියලා වැඩක්. ඒ වගේම වින්ඩෝස් 10 සමඟ මේ තාක්ෂණය භාවිතා කිරීම හරි අපූරු අත්දැකීමකුත් වෙනවලු. (අපිනම් දන්නේ නෑ. එයා තමයි කියන්නේ ඕං). මොනා වුණත් තාම මේකේ ගණන් හිලව් ගැනනම් කියලා නෑ. ගාණ ඇහුවම හොලෝග්‍රැෆික් එලෝග්‍රැෆික් වෙයිද දන්නෙත් නෑ. මේකේ තාක්ෂණය ගැන කිව්වොත් මෙය පළදින්නාගේ හිස සහ එම හොලෝග්‍රෑම් දර්ශනය එකම වෙලාවේදී එහා මෙහාවීම් හඳුනාගැනීමට අදාළ වන sensors කිහිපයක් භාවිතා කෙරෙනවා. ඒ අනුව මෙය පැළඳ සිටින්නාගේ ඇස් වෙතට හොලෝග්‍රැෆික් ත්‍රිමාන පින්තූරයක් ලැබීම සිදුවෙනවා. එමගින් ඔහුගේ හෝ ඇයගේ මොළය විසින් ඒවා සත්‍ය දර්ශන බවට වරදවා වටහා ගන්නවා. ඊට අමතරව මෙම හොලෝලෙන්ස් උපකරණය තුළ ඇති කැමරා හා කැමරා හඳුනාගැනීමේ පද්ධතිය හරහා භවිතා කරන්නාට දර්ශනය සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයේ යෙදීමට අවශ්‍ය හැකියාවත් ලබාදෙනවා.

මේකේ සුභ ආරංචිය තමයි මීට කලින් ආපු Windows 7, 8, 8.1 මෙහෙයුම් පද්ධති හෝ වින්ඩෝස් දුරකථන භාවිතා කරන අයට මේකේ මෘදුකාංගය නොමිලේම දෙනවලු. ඒත් අවුල තියෙන්නේ ඒක සීමිත කාලයකට විතරයි. ඒ වගේම මීට කලින් Windows default web browser එක වුණ Internet Explorer වෙනුවට Spartan Web Browser එක
 යොදන්නත් සමාගම තීරණය කරලා තියෙනවා.

මේ වගේ අලුත් තොරතුරු දැනගත්ත වහාම අපි ඔයාලට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ගැන ඔයාලගේ අදහස් අපිට comment කරන්න.ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. මේ ගැන අනිත් යාලුවොන්ටත් දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා

නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !


Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.