Saturday, August 2

windows 8 හරි 8.1 වල හරි boot logo එක change කරගන්නෙ කොහොමද ?

මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද windows 8 හරි 8.1 වල හරි boot logo එක change කරගන්නෙ කියන එක.
අද මං කියලා දෙන්න යන්නෙ අපේ Default Boot Logo එක (windows logo ) වෙනුවට අපි කැමති custom logo එකක් කොහොමද දාගන්නෙ කියලා...

Step 1. සූදානම් වීම :-

* මුලින්ම ඔයාට යටින් තියෙන file එකට full access තියෙන්න ඕන. මේ Folder එකේ තමයි boot logo එක store වෙලා තියෙන්නෙ.
C:\Windows\Boot\Resources\bootres.dll

* ඒ ෆයිල් එකට full access ගන්න තියෙන පහසුම විදිහ තමයි  TakeOwnershipEx application එක. ඒ ඇප්ලිකෙෂන් එකෙන් ඔයාට PC එකේ තියෙන ඕනම
ෆයිල් එකකට full access ගන්න පුලුවන්.ඒක බාගන්න ඕන නම් පහල Download කියන එකට යන්න

[Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' Click කල විට ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]



* එහෙම නැත්තන් ඔයාගෙ windows command pompt එක administrator විදිහට run කරන්න.
command prompt එක admin විදිහට run කරලා පහළින් තියෙන code ටික type කරන්න.

takeown /f C:\Windows\Boot\Resources\bootres.dll
icacls C:\Windows\Boot\Resources\bootres.dll /grant %username%:f


Step 2. boot logo 1 තිබෙන file 1 replace කිරීම:-

1. අපිට replace කරන bootres.dll image එක හදාගන්න කලින් C: drive එකෙ folder එකක් හදාගන්න ඕන. C drive එක open කරලා new folder එකක් හදන්න. ඒ folder එක Bootlogo
කියලා rename කරන්න.

2. bootres.dll file එක ඒ  folder එකට copy කරන්න. (සැ:යු: original bootress.dll file එකෙ copy එකක් තවත් තැනක අරන් තියාගන්න.)

3. bootlogo කියලා අපි හදාගත්ත folder එක ඇතුලෙ Logos කියලා තව folder එකක් හදන්න. ඒ folder එකට තමයි අපි DLL file එකෙන් extract කරගන්න images ටික
save කරගන්නෙ සහ edit කරගන්නෙ.

4. දැන් ඔයාට තව applications කිහිපයක් bootlogo folder එකට download කරගන්න වෙනවා.
  
         * Signer : මෙතනින් බාගන්න
                   [ Signer කියන්නෙ custom certificates සහ self-signing වලට යොදාගන්න tool                  එකක් ]

          * Latest alpha version of 7-Zip : මෙතනින් බාගන්න
               [ 7-Zip කියන්නෙ ලෝකෙ ප්‍රසිද්ධ නොමිලේ දෙන archiving app එකක්. මෙක                           alpha version එකක් වුණාට ස්ථිරයි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ]

          * Restorator : මෙතනින් බාගන්න
                    [ මේක තමයි ලෝකෙ දැනට තියෙන හොඳම resource editing tool එක. ඒ                           වුණාට මේක නොමිලේ දෙන ඇප් එකක් නෙමෙයි. (trial vrsion එකක් තමයි                          free download වෙන්නෙ ) ඒ වුණාට අපිට මේ වැඩෙ කරගන්න පුලුවන්                                 ඇප් එක මේක.මොකද කිව්වොත් අනිත් මේ වගේ ඇප්ලිකේශන් වලින් ඔරිජිනල්                        ෆයිල් එකට හානි වෙන්න පුලුවන් ]

4. Restorator යොදාගෙන bootress.dll file එක open කරන්න. එවිට ඔබට වම් පසින් RCData section 1 දක්නට ලැබේවි. ඒ තුළ ඇති "1" නම් ෆයිල් එක මත ඩබ්ල් ක්ලික් කර
extract -> Extract as -> extract as... වෙත ගොස් එය  RCDATA_1.wim. ලෙස save කරන්න.
ඉන්පසු ඔබගේ කැමති image editing software එකක් Use කරලා  image එක edit කරගන්න.
(සැ:යු: ඔබ විසින් සාදා ගනු ලබන image 1 original images වල resolution වලට  සම්පූර්ණයෙන්ම සමාන විය යුතුය. එහි format එක "24-bit bitmap" විය යුතුය.)

5. වැඩ කටයුතු අවසන් වූ පසු 7-Zip භාවිත කරමින්  RCDATA_1.wim file එක වෙත edit කරනු ලැබූ images ටික Repalce කරන්න.

6. Restorator එකෙන්, right click "1" සහ  select Assign -> Assign to.... වෙත ගොස් ඔබ විසින් කරගනු ලැබූ RCData_1.wim file 1 ලබාදෙන්න.

7. ඉන්පසු DLL file එක save කර Restorator එක close කරන්න.

8. නැවතත් command promt එක administrator ලෙස run කර අප විසින් සාදාගනු ලැබූ Bootlogo folder එක වෙත directory එක මාරු කරන්න. එ සදහා පහත ක්‍රමය භාවිත කරන්න.

cd C:\Bootlogo

9. ඉන්පසු command promt එක තුළ පහත codes type කරන්න.

signer /sign sign bootres.dll

(error එකක් මතු වුවහොත් ඔබ විසින් download කරගනු ලැබූ signer ඇප් එකේ සදහන් නම පරික්ශා කර බලන්න. එය යොදගෙන නැවතත් ඉහත command එක run කරන්න.
උදා :- ඔබ download කරගනූ ලැබූ signer ඇප් එකෙ සදහන් වන්නේ signer64 ලෙසනම්,
signer64 /sign sign bootress.dll
යොදගෙන command එක run කරන්න.)

එවිට signer app එක ඔබෙන් root certificate එකක් ලිවීමට අවසර ඉල්ලයි. එම message 1 yes කරන්න.

10. දැන් ඔබ විසින් edit කරගනු ලැබූ bootress.dll file එක, "C:\Windows\Boot\resources" folder එක වෙත ගොස් paste කරන්න.
දැන් ඔබගේ පරිගණකය restart කරන්න.ඔබගේ custom bootlogo 1 enjoy කරන්න.............

හදිස්සියේ හෝ ඔබගේ bootlogo එක අතුරුදහන් වී ඇත්නම්, ඒ කියන්නේ ඔබට පෙනෙන්නේ කැරකෙන තිත් පෙළ පමනක් නම් පහත සදහන් ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න.

1. administrator ලෙස command prompt 1 run කර command promt එක තුළ පහත codes type කරන්න.
 Bcdedit.exe -set TESTSIGNING ON
 දැන් ඔබගේ පරිගණකය restart කරන්න.

තේරෙන්නෙ නෑ වගේ නම් පහල Video Tutorial එක බලන්න.ScreanShots දාන්න කම්මැලි නිසා Video එකක් හොයල දැම්මෙ 



මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනව නම් Comment එකක් දාන්න.ගැටලුවක් නැතත් කමක් නෑ පුලුවන් නම් Comment එකක් දාගෙන යන්න...

                            ඔබට ජය ! ! !

0 comments:

Post a Comment