Tuesday, August 5

මොකක්ද මේ ටොරෙන්ට් ෆ්යිල්ස්.... මොකක්ද මේ Torrent කියන්නේ?


                
                        අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටොරෙන්ට් ෆ්යිල්ස් ගැන.ගොඩක් අය අහල තිබුනට ටොරෙන්ට් කියන්නේ මොනාද කියලා දන්නේ නෑ.
ටොරෙන්ට් කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.
Internet Traffic එකෙන් 50%ක් ම ඇති වෙලා තියෙන්නේ ටොරෙන්ට් ෆ්යිල් බාගන්න යන කස්ටිය නිසා.

ඒක කොච්චර ලෝකේ පුරා පැතිරිලා තිබ්බත් එකේ  traffic එක නිසා Torrent වලට අලුතෙන් එකතු වෙන්න ඉන්න අය ටිකක් බය වෙනවා.
ඒත් අද අපි කියලා දෙන්න යන්නේ එහෙම බය නොවී ලෙසියෙන්ම විනාඩි කිහිපයකින් ඔයලාට ටොරෙන්ට් පාවිච්චි කරන හැටි ගැන සම්පූර්ණ දැනුමක් දෙන්න.
ඔයාලා මෙතන ඉදන් මේ ටික follow කරලා ටොරෙන්ට් ගැන සම්පූර්ණ දැනුමක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න.


ටොරෙන්ට් භවිතා කරන්නේ ඇයි?

වාසි:-

1.අපි download කරන්නේ ලොකු size file එකක්නම් අපි normal download කරන
විදිහට download කරද්දි හදිස්සියේවත් net connection fail , download fail උනොත් ආයි අපිට ඒ file එක මුල ඉදන් download කරන්න වෙනවා.
ගොඩක් වෙලාවට අපේ data නාස්ති වෙනවා.
ඒත් torrent විදිහට කරනකොට කවදාවත් එහෙම වෙන්නේ නෑ. අපිට කැමතිනම් එකම file එක මාසයක් තිස්සේ හරි download කරන්න පුලුවන්.
2.අපිට කැමති වෙලාවකdownload start, stop, pause, resume කරන්න පුලුවන්.



අවාසි:-

1.Normal download speed එකට වඩා torrent වල download ස්පීඩ් එක අඩුයි.
2.Download වෙලා ඉවර උණාම ආයි ඒක seed වෙන්න ගන්නවා. ඒක ස්ටොප් කරේ නැත්තම් අපේ data නාස්ති වෙනවා.



Step 1:ටොරෙන්ට් ගැන මූලික දැනුමක් ලබාදීම


ටොරෙන්ට්ස් ඔයාලට  ඇත්තටම මේ ලෝකේ තියෙන ඕනම ෆ්යිල් 1ක් download and share කරගන්න ඉඩ ලබාදෙනවා.
ටොරෙන්ට් 1න් ඔයලට ඕන කරන ෆයිල් එක චූටි චූටි කෑලි වලට කඩනවා.
ඔය ඒක බාගන්න යනකොට ඒ චූටි චූටි කෑලි store වෙලා තියෙන servers වලින් ඔයගේ computer 1ට එවනවා.
ඔක්කොම කෑලි ටික සම්පූර්න වුනාම ටොරෙන්ට් ක්ලයන්ට්, ඒ ටික 1 ෆයිල් එකක් විදිහට හරවල ඔයට ඕන කරන ෆයිල් 1 දෙනවා.



මොනාද මේ seeds & leech කියන්නේ?



  • ඔයා ටොරෙන්ට් ෆයිල් 1ක් බානකොට, ඒ කියන්නේ ටොරෙන්ට් ෆයිල් 1ක් download කරනකොට ඔයා leech කෙනෙක්..
  • ඒක ආපහු upload කරනකොට ඔයා seed කෙනෙක්.



step 2 :ටොරෙන්ට් ක්ලයන්ට් (torrent client) 1ක් ඉන්ස්ටෝල් කරගන්න


1. uTorrent
ලෝකේ දැනට ගොඩක් දෙනා හොදම විදිහට අවිවාදයෙන් පිලිගන්නේ uTorrent කියන ටොරෙන්ට් software එක.
Download (බාගන්න මේ link එකට යන්න)

2. qBittorrent
Download  (බාගන්න මේ link එකට යන්න)

3. MediaGet
MediaGet එකේ තියෙන වාසිය තමයි අපිට ඒ එක අතුලෙ ඉදන්ම ඕන කරන හැමදෙයක්ම(software, games, musics, videos..)
search  කරලා torrent download කරගන්න පුලුවන්.
Download (බාගන්න මේ link එකට යන්න)

4. BitTorrent Free
Download (බාගන්න මේ link එකට යන්න)

5. Vuze
Download (බාගන්න මේ link එකට යන්න)


ඔයා නිතරම ටොරෙන්ට් කරන්නේ නැත්තම් ඔයා වෙනම software 1ක් install කරගන්න ඕන නෑ. මොකද ඔපෙරා browser 1යි torch browser1යි in-built torrent managers තියෙනවා

6. Opera
Download (බාගන්න මේ link එකට යන්න)

7.Torch
Download (බාගන්න මේ link එකට යන්න)



step 3: ටොරෙන්ට් ෆයිල් download කරගැනීම

i. tracker site එකක් හොයාගන්න.

tracker site කියන්නේ torrents store වෙලා තියෙන site වලට.
මමනම් වැඩියෙන්ම use කරන site එක තමයි "kickass" එක.
ඒ site එකට යන්න ඔයාලගෙ browser එකේ address bar එකේ kat.ph කියල type කරලා navigate කරන්න.
tracker site වර්ග 2ක් තියෙනවා. ඒ private and public කියලා.
public tracker sites හැමෝටම open .ඔයාල google එකේ torrent files search කරපු ගමන් උඩින්ම එන්නේ public sites.
ඔයාට google එකේ search කරහම private sites පේන්න නම් ඔයා ඒ sites වල ගිණුමක් හදගෙන ලියාපදින්චි වෙලා ඉන්න ඕනේ.


ii. ඕන කරන එක files සොයාගැනීම

tracker site එකේ තියෙන search bar එකේ ඔයාට ඕන කරන දේ type කරලා search කරන්න.


iii.හරියටම ඕන කරන 1 සොයාගැනීම

ඔයා search bar එකේ search කරාම ඔයාට results ගොඩාක් ලැබෙයි බොහෝ දුරට.
ඔයා දැන් හොයාගන්න ඕනේ ඔයාට ගැලපෙනම result එක මොකක්ද කියලා. ඔයා download කරන්නේ audio video වගේ file  එකක්නම් ඔයා බලන්න ඕනේ quality එක ගැන.
download කරන්නේ software එකක්නම් ඔයා බලන්න ඕනේ seeders ලා කොච්චර ඉන්නවද කියලා.
මොකද seeders ලා වැඩිවෙන තරමට තමයි අපෙ file එක ඉක්මන්ට download වෙන්නෙ.
Leeches වැඩීනම් download වෙන්නේ හිමින්.


iv. Download කරන්න

හරි result එක හොයාගත්තට පස්සේ ඒක උඩ click කරන්න.
ඊට පස්සේ download torrent කියන එක click කරන්න.
ඊට පස්සේ චූටිම චූටි ටොරෙන්ට් file එකක් download වේ. ඒක ඔයා ඔයාගේ torrent manager එකෙන් open කරන්න.




v. seed කිරීම

ඔයාගේ file එක download complete වුණාට පස්සේ ඒක ඉබේම සීඩ් වෙන්න, ඒ කියන්නේ අප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා.. ඔයාට කැමතිනම් ඒක ස්ටොප් කරන්නත් පුලුවන්.


ටොරෙන්ට් ගැන ගැටලුවක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න.. නැතත් comment එකක් දාගෙන යන්න..

 ඔබට ජය!!!

1 comment: