Tuesday, November 29

ගෙදරදීම දුම් බෝම්බයක් හදාගමු (Homemade Coloured Smoke Bomb)

      
                        පරණ අකවුන්ට් එකට කෙල උන නිසා බ්ලොග් එක ලියන එක ටිකක් මගහැරුනා. ඒත් ආපහු ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව. තාමත් අපේ බ්ලොග් එක කියවන එක්කෙනෙක් හරි ඇති කියලා හිතාගෙන තමයි අද පෝස්ට් එක ලියන්නෙ. අද හැබැයි ටිකක් වෙනස් දෙයක් කියලා දෙන්න යන්නෙ. මේවා කියලා දීල මට හිරේ යන්න වෙයිද දන්නෙත් නෑ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක.
                                 පටන් ගන්නකොටම කියනවා මේ වැඩේ ටිකක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ආ ටිකක් නෙමෙයි ගොඩක්. ඔයාට මුලින්ම මේ දේවල් ටික හොයාගන්න වෙනවා මේ වැඩේට.


  1. පොටෑසියම් නයිට්‍රේට් (Potassium Nitrate)
  2. සීනි (Sugar)
  3. බේකින් සෝඩා (Baking Soda)
  4. කැමති පාටකින් ඩයි (Powdered Dye)
  5. පොඩි ටින් එකක් (Tin)
  6. වෙඩි නුල් කැබැල්ලක් (Visco Fuse)
  7. ගම් ටේප් (Gum Tape)
  8. මොලය - මේක නම් ලාවට තිබ්බම ඇති(Brain)
මේ ටික හොයාගත්තා නම් ඊළඟට අපි බලමු අපේ බෝම්බෙ හදාගන්නෙ කොහොමද කියලා


  • මුලින්ම Potassium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න(පොටෑසියම් කොටස් 3කට සීනි කොටස් 2ක්). රත් වීගෙන එනකොට මේක හැඳිගාන්න. අපේ මික්සර් එක ටිකක් ඇලෙන දියාරු ගතියට එනකන් මේක කරන්න ඕන. මෙතනදි වැඩිය රත් වෙන්න දෙන්නෙ නැතුව තියාගන්න. මොකද මේ කෙමිකල් එක ගිනි ගන්න ඉඩ තියෙනවා

  • දැන් Baking Soda හැඳි දෙකක් විතර ටික කවලම් කරන්න(අපි බේකින් සෝඩා දාන්නෙ අපිට වැඩි වෙලාවක් අපේ බෝම්බෙ පත්තු කරලා තියාගන්න). හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් ආපහු හැදි ගාන්න.

  • ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ මේ මිශ්‍රණය අපි අර ගෙනාව ටින් එකට පුරවන්න. ටින් එකේ කට ලගට එනකම් පුරවල, ඉරටුවක් වගේ දෙයකින් අපේ වෙඩි නූල මිශ්‍රණය මැදට ඇතුල් කරන්න (මුලු නූලම ඇතුලට දාන්න එපා.අපිට පත්තු කරන්න එක කොනක් ඉතුරු කරගන්න). දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.

  • පැයක් විතර ගියාම අපේ දුම් බෝම්බෙ හොඳට ගල් වෙලා තියෙයි. අන්තිමට කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩි නූල විතරක් උඩට හිටින්න අනික හැම තැනම Gum Tape එකෙන් ඔතා ගන්න.

ඔන්න හරි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ වෙඩි නූලට ගිනි තියලා ශේප් එකේ එහා ගෙදර ගහක් යටට දාලා බබා වගේ ඉන්න තමයි. ඔන්න ආයිමත් කියනවා මේක ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඒ හින්දා මං අන්තිමට කිව්ව එක (මොලේ) තියෙනව නම් විතරක් වැඩේට බහින්න. කියෙව්වට වැඩේ තේරෙන්නෙ නෑ වගේ නම් මං පහලින් දාලා තියෙන YouTube වීඩියෝ එක බලලා වඩාත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙයි.හැබැයි වීඩියෝ එකේ මෙතඩ් එක ටිකක් වෙනස් නිසා අදහසක් ගන්න විතරක් වීඩියෝ එක බලන්න.




මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනව නම් Comment එකක් දාන්න.
ගැටලුවක් නැතත් කමක් නෑ මේ ගැන ඔයාලගෙ අදහස් Comment එකක් විදියට දාගෙන යන්න...