Monday, December 15

Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු



                                                                    අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක්  බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්‍රමයක්නෙ.
අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්. 

( Torrent ගැන වැටහීමක් නැත්තන් මේ ලිපිය කියවලා ඉන්න ) 
ඒ වගේ ටොරන්ට් බාන අයට ගොඩාක් වැදගත් වෙන සයිට් එකක් තමයි මේ '' හයිව් '' කියන්නෙ. මේක ප්‍රසිද්ධ Cloud Storage එකක් විදිහටයි . ඒත් ඒ අය අලුතෙන් දෙන Service එක ගැන තමා මේ කියන්නෙ.
        මෙයාලා කරන්නෙ අපිට ඕන Torrent Files තත්පර ගානකින් එයාලගේ Servers වලට Download කරලා, අපිට Direct Download කරගන්න Link එක ලබා දෙන එක. මේ Hive Site එකෙන් ඔයාලට ලැබෙන වාසි කිහිපයක්...

1. වෙන සයිට් වල වගේ ගොඩක් වෙලා ඉන්න ඕන නෑ.තත්පර කිහිපයකින් ඔයාගේ ෆයිල් එක Download කරලා දෙනවා

2. ඔයාගේ Connection එක කොච්චර Slow උනත් ඔයාගේ Connection එකේ ගන්න පුලුවන් උපරිම Speed එකෙන් ඔයාගේ File එක Download කරන්න දෙනවා

3. ඔයාලගේ යාලුවෙක් කලින් ඕන ෆයිල් එක Download කරලා තියෙනවා නම් ඔයාට කෙලින්ම එයාගෙ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්

4. File Size වලට Limit නෑ .ඕන නම් 100GB File එකක් උනත් Download කරගන්න පුලුවන්

5. Torrent වලදි Seed වෙන්න යන MB ගානත් ඉතුරු කරගන්න පුලුවන්

මේකෙ විශේෂම දේ වෙන්නෙ මේක නොමිලේ දෙන සේවයක් වීම.ඒත් ඉතින් එහෙම දෙන්නෙ මේකෙ Beta Period එක ඉවර වෙනකන් විතරයි. ඊට පස්සෙ මේකෙ Premiem Account එකකට මාසෙකට 9$ ගෙවන්න ඕන. ඒත් බය වෙන්න එපා, මේකෙ Beta Period එක ඉවර වෙනකොට ඔයාලගේ HIVE එකේ ෆ්‍රන්ඩ්ස්ලා 100ක් හිටියොත් ජීවිත කාලෙටම ඔයාට Premiem Services නිකන් හම්බෙනවා. ඒ නිසා ඔයාට තියෙන්නෙ පහලින් ගිහින් Register වෙලා මාවත් ඔයාගේ Friend List එකට Add කරගෙන තව අනූ නව දෙනෙක්ව Add කරගන්න. මේක Referral ලින්ක් එකක් නෙමෙයි. අර TSU වගේ විකාර බොරුවකුත් නෙමෙයි. ඔයාලා දන්නවනේ අනිත් අය වගේ රූ Tricks වලින් එන එන හැම ජරාවම දෙන්නෙ නෑ කියලා. අපි දෙයක් දෙන්නෙ හොදට හොයලා බලලා 100% Sure නම් විතරයි.
                                ඔයාට තියෙන්නෙ මේකෙ Register වෙලා Add File ගිහින් ඔයාට ඕන Torrent File එකේ Magnet Link එක දීලා Get Link Click කරන්න විතරයි. ටික වෙලාවකින් ඔයාගේ Hive එකේ ඔයා දුන්න File එක තියෙයි. දැන් ඉතින් IDM එකෙන් ඒ ෆයිල් එක ලේසියෙන්ම Download කරන්න පුලුවන්
                                          මේකෙ Register වෙන්න ඔයාලට Facebook,Google + හෝ E-Mail account එකක් තිබ්බම ඇති. හරිම ලේසියෙන් Register වෙන්න පුලුවන්. ඉතින් පහලින් ගිහින් Register වෙලා මාවත් Add කරගෙන තව යාලුවො 99ක් හොයාගන්න. 



ඔන්න මං හැමෝටම News එක දුන්නා. දැන් ගිහින් මේ සයිට් එකෙන් නියම ප්‍රයෝජනය ගන්න එක ඔයාලගේ වැඩක්.
මේ ගැන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා විමසන්න.ප්‍රශ්නයක් නැතත් ලිපිය ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.එහෙනම් මම ගියා.

මේ වගේ ලිපියකින් නැවතත් හමුවෙමු ! ! !

3 comments:

  1. me site eke weda karana heti kiyala dennako plzz....

    ReplyDelete
    Replies
    1. මෙයාලා එයාලගේ High-Speed Internet Connection එක භාවිතා කරලා අපේ File එක එයාලගේ Servers වලට Download කරගන්නවා. ඊටපස්සෙ ඒක එයාලගේ වලින් අපිට Download කරගන්න දෙනවා.එහෙමයි මේක සිද්ධවෙන්නෙ

      Delete
  2. kohomada mekata friendsla add karaganne.oyava add karaganne kohomada kiyala denna.

    ReplyDelete