Monday, November 10

ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive )


                          අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.
අන්න එහෙම එකට යතුරක් හදාගන්න විදිය තමයි මං අද කියලා දෙන්නෙ. ඒත් මේකෙ පොඩි වෙනසක් තියෙනවා. මොකද, මේකෙ යතුරු හිල තමයි අපේ USB Port එක.එතකොට යතුර තමයි ඔයාගේ Pen Drive එක.

                   මේකට අපි Use කරන්නෙ Predator කියන Software එක.මුලින්ම පහලින් ඒක බාගෙන ඉන්නකෝ...

Download

Download

                           මුලින්ම ඔයා PredatorPackage.exe කියන File එක Install කරගන්න ඕන.ඊට පස්සෙ Predator එක Open කරගන්න.එතකොට මේ වගේ Window එකක් එයි.


                       ඒක ආවම ඔයාගෙ යතුර,එහෙමත් නැත්තන් Pen Drive එක PC එකට Connect කරලා OK කියන Button එක Press කරන්න. එහෙම කරාම පහල තියෙනවා වගේ Window එකක් Open වේවි.


                            දැන් ඒකෙ New Password කියන තැනට ඔයා කැමති Password එකක් දෙන්න. මොකද ඔයාගේ Pen Drive එක ඔයාගේ අතින් නැති උනොත් Computer එක Unlock කරන්න ඒ Password එක ඕන වෙනවා.
                           ඊට පස්සෙ Select Drive කියන තැනින් ඔයාගෙ Pen එක තෝරලා දෙන්න. එතන එකේ ඔයාගේ USB Drive එක නැත්තන් දකුණු පැත්තෙ තියෙන List Fixed කියන එකට Tick එකක් දාල ආපහු බලන්න.එතනින් ඔයාගේ Pen Drive එක තේරුවාට පස්සෙ OK කරන්න.
                            දැන් ඔයාගේ Task Bar එකේ පහල තියෙනවා වගේ Icon එකක් මතු වෙයි.ඒ කියන්නෙ දැන් වැඩේ හරි...

   
                      පොඩ්ඩක් ඉන්න. තාම වැඩේ ඉවර නෑ.ඔයාට තව එක වැඩක් කරන්න ඉතුරුයි.ඒ icon එක උඩ Right-Click කරාම එන Menu එකේ තියෙන ඒකෙ Preference කියන එකට යන්න. ගිහින් AutoStart with Windows කියන එකට Tick එකක් දාලා  OK කරන්න. අවුල් වගේ නම් පහල රූපෙ  බලන්න.



දැන් ඔයාගේ Pen Drive එක නැති උනොත් මොකද කරන්නෙ?

ඔයාගේ PC එක Lock වෙලා නම් ඔයාගෙ KeyBoard එකේ කැමති ඕනම Key එකක් එක දිගට 3 පාරක් Press කරන්න. එතකොට එයි පහල තියෙනවා වගේ Screen එකක්.ඒකෙ ඔයා ඉස්සෙල්ලා දුන්න Password එක දෙන්න.


ඔයා වැරදි Password එකක් දුන්නොත් ඔයාගේ PC එක ආපහු Lock වේවි පහල තියෙනවා වගේ.



මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

0 comments:

Post a Comment