Friday, November 21

Display දෙකක් තියෙන Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 )


                                                        මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ.
මට නම් හිතෙන්නෙ ලංකාවෙ අයට තමයි මේ Phone එකෙන් ලොකුම වාසියක් තියෙන්නෙ. මොකද අපේ අයගෙ වැඩේ Selfie ගහලා Facebook දාන එකනේ. ඉතින් Front Cam එකෙන් ගහන චා Photos වලට වඩා Rear Cam එකෙන් HD Photos ගහලා Facebook දැම්මම ලස්සනයිනෙ. 


                                         මේ Smart Phone එක මුලින්ම Announce කරේ 2014 Feb. 24 වෙනිදා බාසිලෝනා වල තිබ්බ Mobile World Congress කියන Exhibition එකේදි. Yotafon සමාගම කියන්නෙ රුසියානු සමාගමක්. එයාල කියන විදියට මේක වෙලදපොලට නිකුත් කරන්නෙ ලබන මාසෙ. ඒ කියන්නෙ 2014 දෙසැම්බර් වල. ඒත් ඔවුන් මේක නිකුත් කරන්නෙ බටහිර වෙලදපොලට විතරයි. 2015 දී මේ Phone එක ආසියාවෙ වෙලදපොලට නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා තමයි Yotafon සමාගම කියන්නෙ.

YotaPhone 2 හි පසුපස තිරය

YotaPhone 2 හි ඉදිරිපස තිරය

                                      මේ YotaPhone 2 එකේ අගල් 5ක Super AMOLED Full HD Display එකක් තියෙනවා. ඒ වගේම මේකෙ Secondary Display එක 960x540 ක Resolution එකක් තියෙන අගල් 4.7 ක එකක්. ඉතින් මේ Display දෙකටම ඇති වෙන්න 2500mAh ක Capacity එකක් තියෙන Battery එකක් යොදන්නත් මේ YotaPhone 2 එකේ නිර්මාපකයො කටයුතු කරලා තියෙනවා.

Yotafon සමාගමේ නිල වෙබ් අඩවිය... 

අනෙකුත් විස්තර


☯Prosessor     - Quad-Core Qualcomm Snapdragon 800 ( 2.3 GHz )

☯RAM           - 2GB

☯Network       - 4G LTE

☯Demensions - 144.9x69.4x8.95 mm

☯Weight         - 145g

☯Battery         - 2500 mAh

☯Camera        - Rear 8 MP
                           - Front 2 MP

☯Memory       - 32GB

☯OS                - Android 4.4.4 KitKat







ඔන්න ඕක තමයි ඉතින් Screen දෙකේ Phone

 එකේ කතාව. ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම්

 පහලින් Comment එකක් දාලා ම යන්න...



නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු ! ! !

0 comments:

Post a Comment