Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )




                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

                  * මචං මගේ FB account එක Hack උනා,
                                                                           නැත්තන්,
                  * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
          
           කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.
                              මට Hacking බැරි උනාට මම දන්නවා ලංකාවේ මහ ලොකු හැකර්ලා කියලා කියාගන්න දෙකයි පනහේ අයියලාගෙන් බේරෙන විදිය.මං කියන්නෙ ලංකාවෙ හැකර්ලා නෑ කියලා නම් නෙමෙයි.ලංකාවේ හැකර්ලට ඔය වගේ ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ.ඒ වගෙ මෝඩ ජෝක් දාන්නෙ අර දෙකයි පනහේ අය තමා.
                                     ඉතින් මං කියලා දෙන්නෙ තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක තමයි.එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.

                              මේ ක්‍රම 3 තමා ඔය දෙකයි පනහෙ අය Use කරන්නෙ.මාත් Practically කරන්න දන්නෙ ඔය 3 තමයි ( හැබැයි ඔන්න මම නම් දෙකයි පනහෙ හැකර් කෙනෙක් නෙමෙයි හරිද,අහිංසකයි,රටක් වටී )

*Phishing ( ෆිශින්ග් )
         මේ ක්‍රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්‍රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page ක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක්.

1.Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක www.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක් හරි.
උදා:- www.facebooook.com
         www.facelink.hostfree.com
         www.fbtricks.site98.com

2.URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියල. 

3.ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.
         මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති. කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.


*Keylogging ( කී ලොගින් )

            මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.
                                                   කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen  එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම. 
                                  ඒ නිසා මං කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද  Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.
                                  මොකක් හරි install කරනකොට Virus Guard එක off කරන්න කියනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයාට ඒක ලැබුන කෙනා විශ්වාස නම් ඒක install කරාට කමක් නෑ. මොකද Virus Guard වලින් අල්ලන හැම එකක්ම Virus/Key Logger නෙමෙයි නිසා.
                                      Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න.

* ප්‍රසිද්ධ කී ලොගර් කිහිපයක්


  • SpyAgent
  • KidLogger
  • Ardamax KeyLogger
  • Emmisary KeyLogger
  • Actual KeyLogger
  • Total Spy
  • All in One KeyLogger


*SideJacking ( සයිඩ් ජැකින් )

                                මේකත් ඔයාව Haclk වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන්.

Facebook Account එක Hack වෙන්න පුලුවන් අනෙකුත් විධි කිහිපයක්

1:Brute Force Attacks


2:Dictionary Attacks


3:Cracking Facebook Accounts


4:Hijacking Facebook Fan Pages


5:Stealers


6:Session Hijacking


7:DNS Spoofing


8:USB Hacking


9:Man In the Middle Attacks


10:Botnets


මේ ගැනත් සැලකිලිමත් වෙන්න

                                           Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking.

                                             අනික මේ ලෝකෙ කොහෙවත් Hack කරන Software කියලා ජාතියක් නෑ. ඒවා ඔක්කොම බොරු Softwares. ඒ නිසා මං කියන්නෙ ඒවා Download කරලා MB නාස්ති කරගන්නෙ නැතුව, ඒවා Install කරලා තමන්ගෙ Account එක Hack කරගන්නෙත් නැතුව ඉන්න කියලයි



" අනුන්ව Hack කරන්න ගියොත්, දන්නෙම

නැතුව තමන්වම Hack වෙයි "




ඔන්න ඉතින් මං දන්න දේවල් ඔයාලට කිව්වෙ දන්නෙ නැති අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මේ Post එකෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් උනා නම් පහලින් Comment එකක් දාල යන්න. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. මේ ගැන අනිත් යාලුවොන්ටත් දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා


නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

16 comments:

  1. Replies
    1. ස්තූතියි Comment එකට.දිගටම අපේ එක සමග රැදිලා ඉන්න

      Delete
    2. Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download Now

      >>>>> Download Full

      Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download LINK

      >>>>> Download Now

      Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download Full

      >>>>> Download LINK Mt

      Delete
  2. Replies
    1. ස්තූතියි.දිගටම අපිත් එක්ක ඉන්න

      Delete
  3. Replies
    1. ස්තූතියි.දිගටම අපිත් එක්ක ඉන්න

      Delete
  4. වටින ලිපියක්. මේවගෙන් ආරක්ෂා වෙන්න facebook settings වල කරන්න දේවල් තියෙනවනම් ඒවත් ඉදිරයේදි දැනුවත් කරන්න

    ReplyDelete
  5. menna yaluwgae copmuter eke password ussana kramya ayiee me genath danna
    http://bashithatricks.blogspot.com/2017/12/supiri-software.html

    ReplyDelete
  6. Phishing කරන අය දෙකයි පනහෙ hackers ල නෙවෙයි....hacking පුරුදු වෙන්න අනිවා මුලින් මේ වගේ වැඩ කරන්න වෙනවා.....එකපාරට ගිහින් cia එක hack කරන්න බෑනෙ..... උවමනාවක් තියන උනන්දුවක් තියන ඕන කෙනෙක්ට hacker කෙනෙක් වෙන්න පුලුවන්..... hacker කෙනෙක් කියන්නෙ පට්ට චරිතයක්......

    ReplyDelete
  7. Hacker කෙනෙක් කියන්නෙ මෝඩයෙක් නෙවේ......අනිවා ඌ programming language උනත් ගොඩක් දැනගන්න ඕන.....python, c, c#, c++, javascript, java, css, php😂

    ReplyDelete
  8. Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download Now

    >>>>> Download Full

    Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download LINK

    >>>>> Download Now

    Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) ~ Roo Tricks ™ >>>>> Download Full

    >>>>> Download LINK F2

    ReplyDelete