Tuesday, September 2

අන්තර්ජාලයේ සීමා බිදිමු ( Browse Blocked WebSites )






කොහොමද යාලුවනේ..අද මම ගෙනාවෙ අපේ පොඩිහිටියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.පොඩිහිටියන්ට කිව්වට මේක වැඩිහිටියන්ටත් ගොඩක් ඕනවෙන දෙයක්. හිකිස්.

                                 වැඩි කතා ඕන නෑ.මම කියන්නම්කෝ මොනව ගැනද මේ කියන්නෙ කියලා.මම අද කියලා දෙන්නෙ අපි ඉන්ටනෙට් යනකොට අපිට දාල තියෙන සීමා පනින විදියක්.එහෙම කිව්වට හුගක් අයට තේරෙන එකක් නෑ.
 මෙහෙමනේ.අපේ සමහරුන්ගෙ ගෙවල් වලට ඉන්ටනෙට් කනෙක්ශන් එක ගනිද්දි පොඩි උන් නරක් වෙනවා කියලා සමහර වෙබ් සයිට්ස් බ්ලොක් කරවගන්නවනෙ අපේ I.S.P ට කියල.නැත්තන් මොකක් හරි වෙන Service එකක් Use කරල හරි බ්ලොක් කරනවනෙ X අකුරු තුනේ වෙබ් සයිටුයි, Facebook වගේ Social වෙබ් සයිටුයි. (පිස්සු නැත්තන් ශෝක් ඉතින්)

                                අපේ රටේ Culture එකට පිං සිද්ධ වෙන්න පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියොන්ටත් සමහර WebSites වලට යන්න බෑ.සමහර Office වල එහෙම ෆේස්බුක් එහෙම බ්ලොක් කරල තියෙන්නෙ මේ විදියට.ඉතින් හුගක් අය හොයනවනෙ මෙයාලට හොරෙන් මේ X අකුරු තුනේ ඒව හරි,ෆේස්බුක් හරි වෙනත් බ්ලොක් කරපු සයිට් වලට හරි යන විදිහක්.අන්න ඒකට විසදුමක් තමා අද මම ගෙනාවෙ.

මේකට අපි පාවිච්චි කරන්නෙ Firefox Browser එක.Firefox කිව්වට Firefoxමත් නෙමෙයි ,Firefox භාවිතා කරල හදපු Tor කියන Browser එක.මේක ඉස්සර භාවිතා කරේ ඇමරිකාවෙ රහස් ඔත්තු වැඩ වලට කියලා තමා කියන්නෙ.කොහොම උනත් මම නම් මේක Use කරේ XXX බලන්නවත් , රහස් ඔත්තු බලන්නවත් නෙමෙයි.මට කාලයක් පොඩි පිස්සුවක් තිබ්බ ෆේස්බුක් එකේ Shadow Fight කියන Game එක ගැන.ඉතින් කාලයක් මේ ගේම් එක ලංකාවටයි,ඉන්දියාවටයි බ්ලොක් කරා.ඒ දවස් වල වේලි වේලි ඉන්නකොට තමා මේක හම්බුනේ.
                        ඉතින් ඔයා මේක Use කරද්දි ඔයාගෙ I.S.Pට හරි වෙන 3rd Party Service එකකට හරි පෙන්නන්නෙ ඔයා Tor Project කියන වෙබ් සයිට් එකේ ඉන්නවා කියල විතරයි.අනිත් අතට ඔයා ඉන්න වෙබ් සයිට් එකට ඔයාව පෙන්නන්නෙ ඔයා ඇමරිකාවෙ ඉදල ඉන්ටනෙට් Use කරන කෙනෙක් කියලයි.ඉතින් ඔයාට තියෙන්නෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන මුකුත් උනේ නැති ගානට ඉන්න තමයි.
                          ඔන්න එහෙනම් පහල Link එකට ගිහින් Download කරගන්නකො මහා Tor Browser රාජයාව.ගිහින් ඕන කුප්ප වැඩක් කරගන්න.


මම Hacking ගැන නම් එච්චර දන්නෙ නෑ.ඒත් මම දන්න තරමින් Hacking ගැන පෝස්ට් එකක් දානව මේ පෝස්ට් එකට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව.ඔන්න එහෙනම් මම ගියා....මොනව හරි ගැටලුවක් තිබ්බොත් Comment එකක් දාන්න.

5 comments:

  1. Replies
    1. ස්තූතියි සහෝදරයා

      Delete
  2. mcn mama me siddiya dubai wala inna yaluwekta try karanna qwa. eth registration awlak awa qwa.. meka wada karanne lankawata vitharada..

    ReplyDelete
    Replies
    1. මේක කරන්න කිසිම Register වීමක් අවශ්ය වෙන්නෙ නෑ.ඒ වගේම ලොකේ ඕනම තැනක ඉදන් භාවිතා කරන්න පුලුවන්

      Delete