Wednesday, October 29

අලුත්ම ට්සු (TSU) ප්‍රෝඩාව


                                  මේ දවස් වල බුකියෙ හැමෝම TSU කියලා අලුත් සයිට් එකකට යනවනෙ සල්ලි හොයන්න කියලා.ගොඩක් අය මේකෙ මෙලෝ දෙයක් දන්නෙත් නෑ.ඒත් Rafferal Acounts ඕන නිසා හරිම විශ්වාසෙකින් කියනවා මේක සල්ලි දෙන ඇත්තම සයිට් එකක් කියලා.කොහොමහරි අන්තිමට වෙන්නෙ තමන්ගෙ මෙගාබයිට් ටිකත් නාස්ති කරගෙන අනිත් අයගෙ මෙගාබයිටුත් නාස්ති කරන එක තමයි.මේ වගේ එක එක බොරු සයිට්ස් කාලෙන් කාලෙට එනවා.
ඒත් මේ තරම් ජනප්‍රිය වෙන්න බලපාපු ලොකුම හේතුව තමයි මේක වෙනස්ම මුහුනුවරකින් ආපු එක.මෙයාලා සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් තමයි මෙයාලගේ සයිට් එක නම් කරේ.එයාලා කියන විදියට එයාල ගෙවන්නෙ Likes ,Shares , Comments වලටලු.

                                                   ඒත් මේ පිලිබදව හොදට හොයලා බලන කෙනෙකුට තේරෙනවා මේ TSU සයිට් එක කරන්නෙ ලොකු බොරුවක් කියලා.මම කියන්නෙ මගේ පුද්ගලික මතය.මට ඒ ගැන කාත් එක්කවත් තර්ක කරන්න ඕන නෑ.මුලින්ම මේක බොරුවක් කියලා ලිපියක් ලියවුනේ කාන්තා සමාජ ජාල අඩවියක් වන GirlfriendSocial  හි ඇමැන්ඩා නැමැති කාන්තාවක් අතින්.ඇය කියන අන්දමට මේ TSU සයිට් එක ලොකු ප්‍රෝඩාවක්.පුද්ගලිකව මගේ මතයත් ඒකම තමයි.

Amanda විසින් මතුකල ප්‍රධාන කාරණා තමයි මේ...




මේ පිලිබදව රූ ට්‍රික්ස් (Roo Tricks) අපි දරන මතය

               හොදින් කරුණු විමසා බලන විට පෙනී යන විදියට TSU යනු තවත් එක් බොරුවක් බවයි.අනෙක් අතට අපිට දිනකට ලැබෙන ඩොලර් සත ගනණ ඔවුන්ගේ ආදායමෙන් 90%ක් නම්, ඉතිරි 10%න් ඔවුන් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ කෙසේද?මේ කිසිවක් ප්‍රායෝගික නැත.තවද සමහරුන්ගේ මතය වන්නේ මුදල් නොලැබුනත් නැතත් TSU හොද සමාජ ජාලයක් වශයෙන්  භාවිතා කල හැකි බවයි.එහෙත් Facebook, Twitter වැනි වඩාත් හොද මිතුරු ජාල තිබියදී අඩු ගුණාත්මක භාවයකින් යුත් මෙවැනි සමාජ ජාලයකින් ඇති පලය කුමක්ද.අනික අඩවියේ ඇති බොහෝ accounts ගනණක් ඔවුන් කරන්නේ බොරුවක් බව දැනගත් පසු එයින් ඉවත් වනවා ඇති.එවිට මිතුරන් නැති මිතුරු ජාලයකින් කුමක් කරන්නද?

අප කිසිවෙකුටත් TSU ජාලයෙන් ඉවත් වීමට බලපෑම් කරන්නේ නැත.එය තමාගේ කැමත්තයි.නමුත් මේ ලිපිය කියවීමෙන් පසු බොහෝ දෙනා TSU ගැන දැරූ මතය වෙනස් වනු ඇති බව අපගේ විශ්වාසයයි.ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම් හෝ මෙම TSU ගැන ඔබේ අදහස හෝ අපිට කියන්න.පහල Comment එකක් දාන්න.


නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

2 comments:

  1. sthuthiyi danauwath karata.math hithanne meka boruwak

    ReplyDelete
  2. waradi ayala payout kra dn ththwaya wenas bnnnnnn

    ReplyDelete