Tuesday, October 28

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop )


                 කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.
මේ Android Versions වලට නම් දාන්නෙ Alphabetical Order එකට අනුව කියලා ඔයාලා දන්නවා ඇතිනෙ.

* Angel Cake - 1.0
* Batternburg - 1.1
* Cup Cake - 1.5
* Donut - 1.6
* Eclair - 2.1
* Froyo - 2.2
* Ginger Bread - 2.3
* Honey Comb - 3.0
* Ice-Cream Sandwich - 4.0
* Jelly Bean - 4.1
* KitKat - 4.4
* Lollipop - 5.0


           මේ Android L එහෙමත් නැත්තන් Android Lollipop Version 
එකේ නිර්මාණකරුවො මේක සැලසුම් කරද්දි කරුණු 3කට වැඩිපුර 
අවධානය යොමු කරල තියෙනවා.ඒ තමයි ,

1 - Battery Life (බැටරි ආයු කාලය)
2 - Security (ආරක්ෂාව)
3 - Muti User Interface (පරිශීලකයින් වැඩි ගනණකට භාවිතා කිරීමේ හැකියාව)
   

Battery Life

Android Devices Use කරන බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි
Battery Life මදි වීම.ඒ මොකද Device එකේ Display එකට අමතරව OS
එක Run වෙන්නත් වැඩි විදුලියක් අවශ්ය වෙන නිසා.
අලුත් Android L Version එක නිර්මාණය කරනකොට Google සමාගම 
මේ පිලිබදව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා තමයි අපිට 
දැනගන්න ලැබිලා තියෙන්නෙ.

Security

බොහෝ දෙනා දන්න විදියට Android මෙහෙයුම් පද්ධතියේ තියෙන 
ලොකුම දුර්වලතාවක් තමයි ඒකෙ ආරක්ශාව මදිකම.තමන්ගෙ වටිනා 
පුද්ගලික දේවල් ආරක්ශා කරගන්න නම් කවුරුත් Android Phone 
එකක් Use කරන්නෙ නෑනෙ.මේ නිසා Android L Version එක සැලසුම් 
කරද්දි එහි ඇති ආරක්ශාව වගේම User ගෙ දත්ත වල ආරක්ශාව ගැනත් 
Google සමාගම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.

Muti User Interface

මේක තමයි Android Lollipop වල එන අලුත්ම පහසුකම. Google 
සමාගම පලමුවරට තමයි මේ Feature එක Android Version එකක 
හදුන්වාදෙන්නෙ. LG සමාගම මීට පෙර මෙය ඔවුන්ගේ දුරකථන වල 
මෙය හදුන්වාදුන්නත් Android L සමග මෙම පහසුකම වඩාත් 
හොදින් ක්‍රියා කරනු ඇති.මේ නිසා Phone එක හෝ Tab එක 
දෙදෙනෙකුට හෝ කිහිපදෙනෙකුට උනත් කිසි ගැටලුවකින් තොරව 
Use කරන්න පුලුවන් වේවි.

        අනිත් විශේෂම දේ තමයි Lollipop OS එකේ සිංහල සහ දමිල 
භාෂාවන් ඇතුලත්ව තිබීම.මේ නිසා රූට් (root) කරලා සිංහල දාන්න ගිහින් 
වගකීම් සහතිකේ (Warranty) නැති කරගන්න ඕනෙත් නෑ.
        මීට අමතරව මෙහි නිර්මාණකරුවෝ මෙහි පෙනුම (Interface) 
පිලිබදව ද අවධානය යොමු කරලා තියෙනවා.එහි පෙනුම පහත පරිදි වේ.




තවද Android L වල Screenshots කිහිපයක්ද අපට ලැබී තියෙනවා.







            දැනට ලැබිලා තියෙන විස්තර අනුව

 නම් Lollipop Version එක තරමක් වෙනස් OS එකක්.මේක බොහෝ

 දුරට නොවැම්බර් 3වන සතියේ හෝ 4 වන සතියේ ( November 17-30)

Google Nexus සහ Google Play Edition  Devices වලට Release 

කරයි.ඒ සමගම වගේ HTC සහ Samsung සමාගම් වලටත් අලුත් 

ලොලිපොප් Update එක දෙනවා කියලා තමයි Googlසමාගම 

කියන්නෙ.කොහොම උනත් අනිත් Devices වලට මේක හම්බෙන්න

 තවත් කාලයක් යයි කියලා තමයි පෙනෙන්න තියෙන්නෙ.

මේ ගැන තවත් විස්තර දැනගන්න අවශය නම් මෙතනින් සහ මෙතනින් යන්න.




ඉතින් මේවා තමයි දැනට අපිට ලැබිලා තියෙන විස්තර.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලගෙ යාලුවොන්ටත් මේ ගැන දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.

නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු ! ! !

0 comments:

Post a Comment