Friday, June 27

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල Pattern Lock එක Reset කරමු (Android pattern Lock Recover)

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල Pattern Lock එක Reset කරමු (Android pattern Lock Recover)




අද අපි කියල දෙන්න යන්නෙ ඔයාගෙ android smart phone එකේ pattern lock 
එක reset කරන විදිහ ගැන.ගොඩක් අය මේක කරන්නෙ කොහොමද කියල දන්නවත් ඇති....මේ post එක දාන්නෙ නොදන්න අයට උදව්වක් විදිහට..


අපිට අපේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාපු pattern lock එක හරි වෙනත් lock එකක් හරි අමතක වෙලා ගියොත් අපිට අපේ ෆෝන් එකේ වැඩ මුකුත් කරගන්න බැරි වෙනව නේද?අන්න ඒ වගේ වෙලාවල් වලට අපිට පුලුවන් මේ ක්‍රමය භාවිතා කරල අපේ ෆෝන් එකේ lock එක reset කරගන්න.ඒ කියන්නෙ lock එක ඉවත් කරගන්න.


  • මුලින්ම ඔයාගෙ ෆෝන් එක switch off කරල, ඒකෙ තියෙන sim cards,memory cards වගේ දේවල් අයින් කරගන්න
  • ඊළගට ෆෝන් එකේ volume up key එකයි ,home button එකයි ,power switch එකයි එක සැරේට ඔබාගෙන ඉන්න ඕන.(මේ keys බොහෝ ෆෝන් වල සාර්ථකව වැඩ කරන අතර,සමහර දුරකතන මාදිලි වල මේ keys වෙනස් වීමට ඉඩ ඇත.ඔයාගෙ ෆෝන් එකේ home button එකක් නැත්තන් volume key එකයි ,power switch එකයි පමණක් භාවිතා කරල බලන්න )

  • මෙහෙම කරාම ඔයාට පේනව මේ වගේ තිරයක්.
 
  • ඒකේ තියෙනවා wipe data/factory reset වගේ ඔප්ෂන් එකක්.ඒක select කරන්න.ඊළගට එන තිරයෙන් ඔබට factory reset කිරීමට අවශ්ය බව තහවුරු කරන්න (මෙහිදී ඔබේ touch screen එක වැඩකරන්නෙ නෑ.ඒ නිසා ඉහලට හා පහලට යාමට volume keys ද select කිරීමට home button එකද භාවිතා කරන්න )


  • මීළගට ඔබගේ ෆෝන් එක reboot වන අතර ,ඔබගේ පරණ lock එක ඉවත් වී ගොස් තිබෙනු ඇත.

[සැ:‍යු:  මෙහිදී ෆෝන් එකේ ඇති සියලු දත්ත මැකී යන අතර,එම දත්ත නැවත ලබා ගැනීමට නොහැක.එම නිසා මෙය අත්හදා බැලීමේදී ඒ පිලිබද ඔබේ අවදානය යොමු කරන්න. ]
                             අත්හදා බැලීමේ අවදානම ඔබ සතුයි...

1 comment:

  1. full phone test
    view phone test result
    item test
    ctp calibrate
    edit

    මගෙ තියෙන්නෙ ඔය ටික විතරනෙ මොකද්ද කරන්න ඔන

    ReplyDelete