Saturday, June 28

Disk Drive අයිකන් වෙනස් කරමු ( Change Disk Drive Icons )

Disk Drive අයිකන් වෙනස් කරමු



කොහොමද යාලුවනේ.....ඔයාල දැක්කද මගේ Hard Disk එකේ C Partition එකට වෙලා තියෙන දේ.....ඔයාලත් කැමති ඇති මේ වගේ Drives වල අයිකන් වෙනස් කරගන්න...මේක පොඩි ට්‍රික් එකක්.හරිම ලේසියි..



  • මුලින්ම ඔයා මේකට කැමති අයිකන් එකක් තෝරගන්න ඕන.ඒක ඔයාට ඕන නම් හදාගන්නත් පුලුවන්( ඔයා අයිකන් එක හදාගන්නව නම් ඒක .ico කියන ෆෝමැට් එකෙන් හදාගන්න ඕන ).නැත්තන් Computer එකේ දැනට තියෙන අයිකන් එකක් උනත් කමක් නෑ.Computer එකේ දැනට තියෙන අයිකන් මොනවද කියල බලගන්න ඕන නම් My Computer වින්ඩෝවෙ තියෙන SearchBox එකේ *.ico කියල Search කරන්න.එතකොට Computer එකේ දැනට තියෙන අයිකන් ටික පෙන්නනව.




  • දැන් ඔයා කැමති අයිකන් එක තෝරගෙන, ඒක ඔයාට වෙනස් කරන්න ඕන Drive එකට Copy කරගන්න.මම මේක කරන්නෙ මගේ Pen Drive එකට නිසා මන් icon එක Pen Drive එකට Copy කරගන්නව.
  • දැන් මේ අයිකන් එක පෙන්වීමට AutuRun File එකක් හදාගන්න ඕන..ඒකට මුලින්ම Note Pad එක Open කරගෙන මන් මේ පහල දීල තියෙන Codes ටික Copy කරගෙන Note Pad එකට Paste කරන්න.Paste කරද්දි fevicon කියන එක වෙනුවට ඔයා Copy කරගත්ත අයිකන් එකේ නම දෙන්න.මගේ අයිකන් එකේ නම fevicon නිසා තමයි මම fevicon කියල දීල තියෙන්නෙ
[autorun]
icon=fevicon.ico

දැන් මේ text එක INF File එකක් විදියට Save කරගන්න ඕන.ඒකට Save As ගිහින් File Name එකට AUTORUN.INF කියල දීල,Save As Type වල All File තෝරා, ඔයාගෙ අයිකන් එක වෙනස් කරන්න ඕන Drive  එකට Save කරන්න.පැහැදිලි නැත්තන් පහල රූපය බලන්න

  • දැන් ඉතින් වැඩේ හරි...දැන් Computer එක Restart කරන්න.එතකොට ඔයාට පෙනෙයි ඔයාගෙ Drive Icon එක වෙනස් වෙලා තියෙන හැටි......



මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

                                  ඔබට ජය ! ! !

1 comment: